Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තවමත් නොවිසඳුණු තිලිප්පලෛයි වර්ධල විලාන් ඉඩම් ගැටලුව - 2021.11.02

"ඉඩම" වනාහි මිනිසෙකුට හිමි විය යුතු මූලික හිමිකමකි. මෙරට උතුරේ බොහෝ මිනිසුන්ට තවමත්  නිදහසේ ජීවත් වීමට සුදුසු ඉඩමක් නොමැතිව සිටි. විශේෂයෙන් ගත් කළ  උතුරු ප්‍රදේශයේ "තිලිප්පලෛයි වර්ධල විලාන්" ජනතාව ද ජීවත් වීමට ඉඩමක් අල්ලා තවමත් සටනේ නියුතුව සිටි. ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය සහතික කිරීම උදෙසා කවදත් මිනිසුන් සමඟ කටයුතු කරන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ වෙමින් තිලිප්පලෛයි වර්ධල විලාන් ජනතාවගේ ඉඩම් අයිතිය සහතික කිරීම උදෙසා කටයුතු කරමින් සටනේ නියුතුව සිටි. මේ අනුව 2021 නොවැම්බර් මස 02 වන දින තිලිප්පලෛයි වර්ධල විලාන් ජනතාව සමඟ ඉඩම් ගැටලුවේ වත්මන් තත්ත්වය සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් එම ගම්මානයේ නිලධාරීන් සමඟ පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද චිත්‍රා සහ තඩ්සාජනි යන මෙනවියන් දෙදෙනා ද එම ගම්මානයේ ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.