Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය, දිස්ත්‍රික් වාර්ෂික තරුණ හමුව 2022 මැයි මස 30 වන සඳුදා

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන යාපනය, දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ හමුව 2022 මැයි මස 30 වන සඳුදා දින පැවැත්විණ. මෙහිදි වාර්ෂික තරුණ හමුව පිළිබඳව සාකච්ඡා කළ අතර යාපනය දිස්ත්‍රික් තරුණ ව්‍යාපාරය දියත් කරන්නට ජුනි 10 වන දිනයට නියමිත වෙරලබඩ ආශ්‍රිත ප්ලාස්ටික් එකතු කිරීම හා ලෝක පරිසර දිනයට සමගාමීව දියත් කරන පැළ සිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණ. මේ අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉන්බනාගම් මහතා ද තරුණ තරුණියන් විශාල පිරිසක් ද සහභාගි වූහ.