Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් අරුම්බු කාන්තා කමිටුව පැවැත්වීම 2023 අප්‍රියෙල් මස 18 වන බදාදා දින ජයපුරම් ධීවර සමූපාකාර ශාලාවේදී


කිලිනොච්චි දිස්ත්‍රික් අරුම්බු කාන්තා කමිටුව පැවැත්වීම 2023 අප්‍රියෙල් මස 18 වන බදාදා දින ජයපුරම් ධීවර සමූපාකාර ශාලාවේදී කාන්තාවන් 25 සහභාගිත්වයෙන් පැවැත්වූහ. 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අරිම්බු දිස්ත්‍රික් කාන්තා කමිටුවක් ලෙස ක්‍රියාත්මක කළ වැඩසටහන් මොනවාද සහ එයන් ලද ජයග්‍රහණ මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. ධීවර ගැටලු ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අරිම්බු දිස්ත්‍රික් කාන්තා කමිටුවේ දායකත්වය හා මෙහෙවර සම්බන්ධයෙන් ද මෙහිදි පැහැදිලි කිරීම සිදු විය. විශේෂයෙන් වසර 30 යුද්ධයට මැදිවු මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ වුව්නියා යන දිස්ත්‍රික්කවල කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හඬක් නැගීමට 2019 වර්ෂයේ උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනය ගොඩනැගු අතර ඒ සඳහා කළ මැදිහත් වීම කුමක් ද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් එහි ක්‍රියාකාරිත්වය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය සම්බන්ධයෙන් වගකීම සම්බන්ධයෙන් අමලජිවනි, සදීෂ්වරන් සහ ජයරානි යන මහත්ම මහත්මීන්ට පැවරිනි.

අරිම්බු දිස්ත්‍රික් කාන්තා කමිටුවක් ලෙස විශේෂයෙන් වලෛයිපාඩු මාර්ග අබලන් වී වසර 12 පමණ ගත වූවත් තවමත් ඒ සඳහා නිසි ප්‍රතිසංස්කරණ සිදු කොට නැත. ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙත්සම් හා ලිපි මාර්ගයෙන් වගකිව යුතු නිලධාරීන් සමඟ සාකච්ඡා කළ අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ලබා ගත් ලියකියවිලි මොනවාද යන්න සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය. වලෛයිපාඩු මාර්ග සකස් කිරීමේලා තොරතුරු දැනගැනීමේ පනත ප්‍රායෝගිකව ඔවුන් භාවිතා කළේ කෙසේ යන්න මෙහිදි සාකච්ඡාවට ලක් විය. අරිම්බු කාන්තා කමිටුව ලෙස සකස් කළ මාර්ග සිතියම යටතේ ප්‍රධාන වශයෙන් වලෛයිපාඩු මාර්ගය පිළිබඳව සාකච්ඡා කළ අතර අද වන විටත් මෙම මාර්ගය ඉතා අබලන් තත්ත්වයට පත් වී ඇත්තේ කිසිදු බලධාරියෙකුගේ අවධානයට ලක් වු පසු වීම අතිශය කනගාටුදායකය. මෙම මාර්ගය සම්බන්ධයෙන් 2022 මාර්තු මස 22 වන දින දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළත් සහකාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කළත් අද වන විටත් විශාල පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරන මෙම මාර්ගයට අත් වී ඇති ඉරණම කනගාටුදායකය. අපි අරුම්බු කාන්තා කමිටුවක් ලෙස සහ උතුරු පළාත් එක්සත් කාන්තා සම්මේලනය ලෙස ඉතා ඉක්මනින් මෙම ගැටලුව සඳහා විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙම සාකච්ඡාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය සහ වැඩසටහන් සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද අවශ්‍යය මඟපෙන්වීම් හා උපදෙස් ලබා දීම් සිදු කරන ලදී. මෙම අවස්ථාවට අමලජිවනී, සදීෂ් සහ ජයරානි යන මහත්ම මහත්මීන් සහභාගි වු අතර ගම්මාන 10 කාන්තාවන් මේ සඳහා සහභාගි වූහ.