Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පුල්මුඩේ ධීවරයෝ හර්තාල් කරති

2014 ජනවාරි 30  5:00  p:m
har1පුල්මුඩේ ධීවර ජනයා කෝකිලායි කලපුවේ මෙතෙක් කලක් පවත්වාගෙන ගිය තහනම් පන්න තව දුරටත් පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලෙස බල
කරමින් පුල්මුඩේ ජනයාබදාදා (29) සවස ආරම්බ කල උපවාසය බ්‍රහස්පතින්දා (30) පෙරවරුවේ සිට හර්තාල් ව්‍යාපාරයක් බවට පත්කළ බව පුල්මුඩේ ධීවර සමිතියේ සභාපති අයි.සයිබුදීන් මහතා කියා සිටියේය.


අද පෙරවරුවේ දහසක පමණ පිරිසක් පුල්මුඩේ ත්‍රීකුණාමලය හංදියේ ඉදි කළ තාවකාලික අට්ටාල දෙකක මෙම උපවාසය ආරම්භ කළ අතර,ඊට සමගාමීව පුල්මුඩේ ප්‍රදේශයේ සියළුම කඩ සාප්පු වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක්ද දියත් කර තිබුණි.har2
පූට්ටු දැල් නැමැති මෙම තහනම් පන්න ක්‍රමය වසර හැටකට වැඩි කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ගිය බවත්,හිටි හැටියේම මෙම ධීවර පන්න ක්‍රමය තහනම් කිරීම හේතුවෙන් පුල්මුඩේ ප්‍රදේශයේ ධීවරයන් 3256 ක් අසීරුතාවයට ලක්වී සිටින බවත් කියා සිටිති. මුලතිව් හා තී්‍රකුණාමලය ධීවර බළධාරීන් මේ වන විට නීතිය ක්‍රියාත්මක කරනුයේ පුල්මුඩේ ධීවරයනට පමණක් බවත්,කෝකිලායි,කර්නාටකේනි,තෙන්නමරන්වාඩි,කොක්කුතුඩායි,සිංහපුර යන ගම්මාන වල ධීවරයන් ධීවර බළධාරීන්ගේ සහයෙන් මේ වන විටත් තහනම් පන්න ක්‍රම සිදු කරන බවත් උද්ගෝසකයන් කියා සිටිති.
මංගලනාත් ලියනආරච්චි. - ත්‍රිකුණාමලය. 
Lakbima Online.