Home » » අපේ මුහුද ‍එතෙරට දෙනවා රනිල්ගෙන් චෝදනා

අපේ මුහුද ‍එතෙරට දෙනවා රනිල්ගෙන් චෝදනා

Written By NAFSO on Sunday, February 16, 2014 | 8:11:00 PM

2014 පෙබරවාරි 16 12:40 a.m
Deewara1වර්තමානයේ සිදුවී ඇති විශාලම පුද්ගලීකරණය වන්නේ අපට අයත් මහ මුහුද විදේශිකයින්ට අලවි කිරීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ධීවර අරගලවලදී මිය ගිය ධීවරයින් සැමරීම වෙනුවෙන් පැවත්වූ සම්මන්ත්‍රණයකින් අනතුරුව පැවති විරෝධතාවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
සෙනසුරාදා (15) හලාවත නගරයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි.
රජය විසින් ඉන්ධන මිළ වැඩි වැඩි කිරීමට එරෙහිව හලාවත දී 2012 පෙබරවාරි මස 15 වැනිදා පැවති ධීවර විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරකින් මිය ගිය හලාවත - වැල්ල පදිංචි ඇන්ටනි ප්‍රනාන්දු එම විරෝධතාවයේදී තුවාල ලබා සිට පසුව සිය දිවි හානිකර ගත් ජේසුමරිය කිංස්ලි, ඉරණවිල ඇමරිකන් හඩ ඉදිකරනවාට විරෝධය පල කරමින් පැවති විරෝධතාවයකදී මිය ගිය බෙනට් ප්‍රනාන්දු, නොරචෝලේ තාප විදුලි බලාගාරය ඉදිරිකරනවාට එරෙහිව පැවති විරෝධතාවයකදී වෙඩි පහරකින් මිය ගිය සෝමසිරි ප්‍රනාන්දු යන ධීවරයින් සිහි කිරීමද මෙහිදී සිදු විය.
ජාතික ගොවි ධීවර විරෝධතා දිනය ලෙස මෙම දිනය නම් කර තිබුණි. හලාවත සුදසුන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මන්ත්‍රණයේදී බැදිවැව දියසේන හිමියන්ද,බ්‍රිට්‍රෝ ප්‍රනාන්දු,හර්මන් කුමාර යන මහ්තවරුන්ද අදහස් දැක්වීය.
Deewara2ධීවර අරගල වලදී මිය ගිය ධීවරයින් සිහි කරමින් ඔවුන්ගේ පවුල් වල ඥාතීන් සහ ආගමික නායකයින් විසින් පහන් දල්වන ලදී. අනතුරුව හලාවත නගරයේදී පැවති විරෝධතාවයට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
‘අද අපේ ධීවරයින්ට නිදහසේ තම රැකියාවල් කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. විදේශ ධීවරයින් මෙන්ම නැව් බෝට්ටු ඇවිත් මාළු අල්ලනවා.මෙම තත්ත්වය නතර කරන්න රජය කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ.මේ නිසා ධීවරයා අද ගැටළු රැසකට මුහුණ පා තිබෙනවා.
Deewara3අද සිහි කරන ධීවරයින් මිය ගොස් ඇත්තේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න පාරට බහින්න ගිහිං.අපේ අහිංසක මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න ගියොත් පොලීසියෙන් අරගෙන යනවා. නමුත් කුඩු කන්ටේනර් පිටින් අරගෙන ආපුවහම ගෙදර යන්න පුළුවන්.මේ තමයි වර්තමානයේ රටේ තත්ත්වය.’
හලාවතදී පැවති මෙම ධීවර විරෝධතාවයට හලාවත සහ ඒ අවට පදිංචි ධීවරයින් සහභාගි නොවීම විශේෂත්වයකි. විරෝධතාවය පැවැත්වෙන විට හලාවත නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

ජුඩ් සමන්ත Lakbima
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger