Home » » හතරවන ඉඩම් කොමිසම හෙවත් නංගි පෙන්වා අක්කා දීග දීම

හතරවන ඉඩම් කොමිසම හෙවත් නංගි පෙන්වා අක්කා දීග දීම

Written By NAFSO on Tuesday, March 18, 2014 | 10:18:00 PM

හිටපු ආරක්ෂක ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

1995.3.4 දින ‘බලය බෙදාහැරීම් පිළිබඳ ඉන්දු-ශ්‍රී ලංකා සම්මන්ත්‍රණයේදී’ කළ ආරම්භක කතාවේදී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසුවේ බලය බෙදාගැනීම සාර්ථක වීමට නැතිවම බැරි මූලික හා පූර්ව අවශ්‍යතා පහක් ඇති බව අත්‍යවශ්‍යයෙන්ම සිහියේ තබා ගත යුතු බවය. මේ රැස්වීමට ශ්‍රී ලංකා දේශපාලනයේ විශිෂ්ටයකු වූ ලක්ෂ්මන්
කදිරගාමර් හා එස්. තොණ්ඩමාන් ඇමැතිවරුන් සහභාගී වූ බව ද මට මතකය. ඔවුන් අප හැරගියද, (1) අවංකභාවය (2) පැහැදිලිබව (3) සංසක්තිය (ඛිධඩඥඵඪධද) (4) බලාත්මක කළහැකි බව හා (5) ගැටුම් විසඳීමට ප්‍රමාණවත් සාධනීය යාන්ත්‍රණයක් තිබිම යන විශිෂ්ට සාධක අප සිත් හැරගොස් නැත. අදද මම එතුමාගේ චින්තනයට ගරු කරමි.
දේශීයව හා අන්තර්ජාතිකව බලය බෙදා ගැනීම දැඩිව ඉල්ලා සිටින, බලය බෙදීම පිළිබඳව, මිශ්‍ර පණිවුඩ ඇසෙන වකවානුවක මේ සාධක සිහිපත් කිරීමේ වරද කීම?
සංසිද්ධියට ප්‍රවේශවීමට මට අවසර.
බලධාරීන්ගේ ප්‍රකාශ
ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග උපුටමින් ‘අයිලන්ඩ්’ පුවත්පත (2013.2.13) වාර්තා කළේ “2009 මැයි මස ගැටුම නිවාරණයෙන් අනතුරුව ඉඩම්වලට අදාළ ගැටලු ආමන්ත්‍රණයට” වසර හතරක් තිස්සේ රජය දැඩි වෙරක් දරන බවය. පශ්චාත් යුද ප්‍රතිප්‍රාප්ති ක්‍රියාවලියේදී, රජය මේ සංකීර්ණ ගැටලුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ අනුව ආමන්ත්‍රණය කරන බවද ඔහු ප්‍රකාශ කළේය. බලය බෙදා ගැනීම ප්‍රිය කරන්නන්ට අපේක්ෂාවේ සහන් එළියක් විහිදුවමින් ඔහු පැවැසුවේ “හතරවෙනි ඉඩම් කොමිසමක් මගින් ඉඩම් ගැටලු විසඳීමට රජය හැකියාව සොයමින් සිටින” බවය.
මෑතදී ජිනීවාහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් ඊට අලගු තැබුවේ “හතරවැනි ඉඩම් කොමිසමේ විෂය පථයන් සැකසෙමින් පවතින බව“ පවසමිනි. රජය මේ සඳහා දරන දැඩි වෙර කොතරම්ද කිවහොත් ගැටුම අවසන්ව වසර පහක් සහ සංහිඳියා කොමිසම් නිර්දේශ ලැබි වසර දෙකකට පමණ පසුත් තවමත් විෂය පථය නිර්ණය කරගැනීමට රජය අ‍පොහොසත්ය. “විරෝධතා කොතරම් බලවත්ද” යයි කෙනෙකු ප්‍රශ්න නොකරන්නේ කාගේත් මැලිකම් හොඳින් දැනගෙනය.
වීරතුංගයන් “හැකියාව සොයමින්” සිටින විට පිරිස් මැතිතුමන් විෂය පථ “සැකසෙමින් පවතින” තත්ත්වයට පත් ක්‍රියාවලිය මසක් තුළ උත්ශේ්‍රණිගත කර ඇත්තේ, සංහිඳියා කොමිසමේ වාර්තාව දිගුකල් මුලුගන්වා සිටීමෙන් අනතුරුවය. උත්තේජකය ජිනීවා විය හැකිය  අන් අතකින් බලන විට, ‘හතරවැනි ඉඩම් කොමිසම’ පිළිබඳව සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ජාතික සැලැස්ම මගින් (2012.07.26) අන්තර් ජාතිකයට ප්‍රකාශිත වී ඇත. වීරතුංග හා පීරිස් මැතිතුමන් දෙ‍පොළටම ‍පොදු සාධකයක්ව ඇත්තේ “හතර වැනි ඉඩම් කොමිසම”ය. එය 13 ව්‍යවස්ථාවේ අන්තර්ගත “ජාතික ඉඩම් කොමිසමට” නොවේ. එතුමන් දෙ‍පොළම එහි වෙනස දන්නා බවට මට සක් සුදක් සේ සහතිකය. අන්තර්ජාතිකයෝ ද එය දනිති. ඔවුහු කිරිදරුවෝ නොවෙති
සංහිඳියා කොමිසම, ජාතික ඉඩම් කොමිසම හා ඉඩම් බලය අයැදීම
මම නීතිඥයකු නොවෙමි. එය පසෙක තබා, රජයේ ඉඩම් පිළිබඳව එනම්, ජාතික ඉඩම් කොමිසම සබැඳිව - සංහිඳියා කොමිසම් වාර්තාව
සූක්ෂම ලෙස ව්‍යවස්ථාමය අනුමානීය තත්ත්වයක් නිර්මාණය කර ඇති බව පවසමි.
සංහිඳියා කොමිසමේ ජාතික ඉඩම් කොමිසම පිළිබඳ අදාළ නිර්දේශය මෙසේ වේ.
“9.150 උචිත අනාගත ඉඩම් ප්‍රතිපත්ති මාර්ගෝපදේශ යෝජනා කරනු සඳහා ජාතික ඉඩම් කොමිසමක් ස්ථාපනයට පියවර රජය විසින් ගත යුතු බවට කොමිසම අදහස් කරයි. ඉඩම් ප්‍රතිපත්තිය සකස් කිරීමේදී රජයේ ඉඩම් සාධාරණ ලෙස බෙදා හැරීමට මාර්ගෝපදේශ යෝජිත ජාතික ඉඩම් කොමිසම විසින් අන්තර්ගත කළ යුතුය. මෙය 13 ව්‍යවස්ථාව පරිදි අවශ්‍යතාවක් වුවද, පනත් කෙටුම්පතක් සකස් කර තිබුණ ද, අනුයාත රජයන් විසින් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට අ‍පොහොසත් වී ඇති බව කොමිසම කණගාටුවෙන් සටහන් කරයි“ (පරිවර්තනය කර්තෘගෙනි)
මේ නිර්දේශය සමානත්ව සිද්ධාන්තයට අති ගරුත්වයක් දී ඇත. උතුරු, නැගෙනහිර මෙන්ම දකුණේද ජනතා නියෝජිතයෝද රජයේ ඉඩම් පිළිබඳව සමානත්වය අයදිති. රජය විසින් සිය ඉඩම් අයිතීන් “රාජසන්තක කර” ඇතියැයි උතුරු නැගෙනහිර ප්‍රකාශකයෝ චෝදනා කරති. දකුණේ ඉඩම් හිඟයට ප්‍රතිකර්ම සඳහා (1927 ඉඩම් කොමිසමද සඳහන් කළ) සහ ‍පොදු ජාතික වත්කමක් ලෙස (ජාතික ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරන පරිදි) රජයේ ඉඩම් යොදා ගැනීම, පළාත් සභා මගින් ඉඩම් බලතල පරිපාලනයෙන් නෂ්ට වෙතැයි දකුණේ ප්‍රකාශකයෝ චෝදනා කරති.
 පළාත් සභා හා රජය එකඟතාවෙන් ක්‍රියා කළ හැකි රාජ්‍යයේ දෑතක් විය යුතු බව දෙපාර්ශ්වයටම අමතක වී ඇත. ඒ සඳහා අවකාශ ව්‍යවස්ථාවෙන්ම සැකසී ඇති බව (පරිශිෂ්ට 11-1:1-1:3) දැකීමට මේ දෙපාර්ශ්වයම අන්ධය. උතුරේ දේශපාලන බලධාරීහු නිර්හමුදාකරණය සඳහා රජයේ ඉඩම් ප්‍රශ්න යොදා ගනිති. දකුණේ බලධාරීහු එයම කණපිට හරවා ඉඩම් බලය මධ්‍යයේම තබා ගැනීමට වෙර දරති. එහෙයින්, වීරතුංගයන් පැවැසූ අන්දමට “දැඩි වෙර දැරීම” හා “සලකාබැලීම” දේශපාලනිකව සිතන විට පුදුමයක් ද නොවේ.
තවද, දෙගොල්ලටම අමතක වී ඇත්තේ ඉඩම් බලතල යනු උතුරු - නැගෙනහිර පළාත් දෙකට පමණක් නොව මුළු දිවයිනටම බලපාන සාධකයක් බවය. මෙහිද හාස්‍යය වන්නේ විරුද්ධ පක්ෂයක් ඉඩම් බලතල පළාත් සභාවලින් උදුරා ගන්නේ යයි උපරිමාධිකරණයට ගිය පක්ෂ හා පුද්ගලයින් මාධ්‍යයේ බලපෑම මත ‘පළාත් සභාවලට ඒ බලය අනවශ්‍යයයි’ අලජ්ජීව ප්‍රසිද්ධියේම පවසන තරමට දේශපාලනය නිසා බාල්දු වී සිටීමය.
රජයේ ඉඩම් පිළිබඳව 13 ව්‍යවස්ථාවේ   පරිශිෂ්ටගතය
සමග පෙරකී උධෘතය සසඳන්න. “3.1 ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්, ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පිහිට විය යුතු අතර, ඒ කොමිෂන් සභාව රජයේ ඉඩම් පාවිච්චිය හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ වගකිව යුතුය. මේ කොමිෂන් සභාවට දිවයිනේ සියලුම පළාත් සභාවල නියෝජිතයින් ඇතුළත් විය යුතුය”.
 පරිශිෂ්ටය පරිදි ජාතික ඉඩම් කොමිසමේ කාර්ය භාරය වනුයේ :
* රජයේ ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම
* තාක්ෂණික ‍ලේකම් කාර්යාලයක් පිහිටුවීම
* ජාතික ප්‍රතිපත්තිය තාක්ෂණිකත්වයන්
මත පිහිටන බව ශාක්ශාත් කිරීම
* විද්‍යාත්මක සාධක මත ඉඩම් පරිභෝජනය සඳහා ‍පොදු සම්මතයන් පිහිටුවාලීම
ජාතික ඉඩම් ප්‍රතිපත්තියට පළාත් මගින් රජයේ ඉඩම් පරිපාලනය අනුගත කිරීම
මේ අනුව, අර්ථ විකෘතිය හඳුනා ගැනීම පහසුය.  පරිශිෂ්ටය
ජාතික ඉඩම් කොමිසමෙන් අත්‍යවශ්‍යයෙන්ම “ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම” අපේක්ෂා කරන අතර, සංහිඳියා කොමිසම “ඉඩම් ප්‍රතිපත්ති මාර්ගෝපදේශ” යෝජනා කිරීම අපේක්ෂා කරයි. සංහිඳියා කොමිසමේ නිර්දේශය පිළිගතහොත්
ජාතික ඉඩම් කොමිසමේ අවසන් ප්‍රතිඵලය වෙනස් වනු ඇත. එනම්, “ප්‍රතිපත්ති මාර්ගෝපදේශ” යෝජනා කිරීමට එරෙහිව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම වේ.
ජාතික ඉඩම් කොමිසමට මාර්ගෝපදේශ සඳහා මල්ල ඔබා බැලීම අනවශ්‍ය  කළ යුත්තේ   පරිශිෂ්ටයේ 1 හා 2 (ජේදය) අධ්‍යයනයයි. එහි පළමු ජේදය රජයේ ඉඩම් පරිහරණ තත්ත්වය හා මධ්‍යයට හා පළාත්වලට පනවා ඇති තහංචි පැහැදිලිව ස්ථාපනය කරයි. දෙවන ජේදය අන්තර් පළාත් වාරිමාර්ග කටයුතු සහ ඉඩම් සංවර්ධන ව්‍යපෘති හා ඒවා යටතේ ඉඩම් පරිහරණය පිළිබඳ
මාර්ගෝපදේශ පැහැදිලි කරයි.
පරිබාහිරව බැලුවොත්, සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ජාතික සැලැස්ම,  පරිශිෂ්ටය තහවුරු කරමින් “ව්‍යවස්ථාවෙන් පවරා ඇති පරිදි රජයේ ඉඩම් බෙදාදෙනු ඇත” යයි පවසයි.
ජාතික ඉඩම් කොමිසමේ ඵලය වන්නේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැකසීම නම්, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි. ප්‍රතිපත්ති සම්පාදනයේ ආයතනික වගකීම අස්ථානගත කරන හෙයිනි. අස්ථානගතය ඉඩම් අමාත්‍යංශයට, අමාත්‍ය මණ්ඩලයට, විධායක ජනාධිපතිට ආදි වශයෙන් විය හැකිය. එය  පරිශිෂ්ටයෙන් අනපේක්ෂිතය. මධ්‍යය ජාතික ප්‍රතිපත්ති සදන්නේ නම් (පරිශිෂ්ට   - 3:1 යටතේ) පළාත් සභා නියෝජතයින් පත්කරන්නේ කුමටද?
සංවෘත ලැයිස්තුව පරිදි “සියලු විෂයන් සහ කර්තව්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” යන සටහන පරිදි ක්‍රියාකාරන්නේ නම්, එයද පරිශිෂ්ට  පරිදි ගැළපෙන්නේ ජාතික ඉඩම් කොමිසම මධ්‍යයේ ආයතනයක් වන හෙයිනි. එහෙත් එම මධ්‍යය සතු ායතනය ක්‍රියා කළ යුත්තේ පරිශිෂ්ට   හි සඳහන් විධාන පරිදිය.
පරිශිෂ්ට   3:1 ඉවත දා මධ්‍යය ඉඩම් ජාතික ප්‍රතිපත්තිය සකස් කළ හොත්, නොයෙක් නිඝණ්ඩු භාවිතා කරමින් ජනාධිපති ‍ලේකම්, ඉඩම් ‍ලේකම් හෝ ඉඩම් කොමසාරිස් ජාතික ඉඩම් ප්‍රතිපත්ති දැනටමත් ප්‍රකාශ කරන තත්ත්වයට සමාන වනු ඇත. එය රටෙහි උත්තම නීතිය බෙදීමක් නොවේද ? එසේ වුවත්, පිරිස් අමාත්‍යවරයා ජිනීවාහිදී එවන් ක්‍රියාකාරීත්වය වර්ණනාවට ලක් කළේය.
රජයේ ඉඩම් ප්‍රතිපත්තිය හතරවැනි ඉඩම් කොමිසමකින් නිර්මිත වුවහොත් කෙනෙකුට ව්‍යවස්ථාමය පදනම යටතේ ඊට එරෙහි විය නොහැකිද? මා කෙස් පලන්නේ නම් කමනු මැනවි  එහෙත්, විවේචකයින් දත යුත්තේ අන්තර් ජාතිකයින් මේ ඇස්බැන්දුම් හසුරු කෙළිය හඳුනාගෙන ඇති බවය
“ජනාධිපති කොමිසමට”
එරෙහිව “ආයතනගත වූ ජාතික” ඉඩම් කොමිසම
මේ ආයතන දෙකෙහි අනන්‍යතා පුවරුද වෙනස්ය. එකක් හතරවෙනි ඉඩම් කොමිසමය. අනික ජාතික ඉඩම් කොමිසමය. හතරවෙනි ඉඩම් කොමිසම වසර තිහකට පමණ වරක් පා කෙරෙන තාවකාලික අභ්‍යාසයකි. ජනාධිපති කොමිසමක් වන එය පවත්නා නීතිය වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන්
පනතේ 2 ජේදය යටතේ පත් කෙරේ. සාක්ෂි විමසේ. උත්සවාකාරයෙන් වාර්තා භාර දේ. භාර ගැනේ. සමහර වාර්තා භාරදුන් වග හා භාරගත් බව හැර මතුවට කෙදිනකවත් සිහිපත් නොකෙරේ. එසේ වීමට හේතු ජනතාව නොදනිති. එහෙත් දෙවැන්න ව්‍යවස්ථාවෙන් පැන නැගෙන, නීතිය යටතේ පිහිටුවාලීමෙන් අනතුරුව ක්‍රියාත්මක වන ස්ථිරසාර සංවිධානයකි.
යථාර්ථය නම්, ඉඩම් කොමිසම කාර්ය භාරය අවසන් කළ පසු සිය කාර්යාලය වසා දමයි. එහෙත් ජාතික ඉඩම් කොමිසම තාක්ෂණික ‍ලේකම් කාර්යාලයක් (පරිශිෂ්ට   - 3.2) මගින්, පළාත් සභාවලට සේවා සපයමින් (පරිශිෂ්ට   - 3:3 හා 3:4) පැවතෙනු ඇත. ඉඩම් කොමිෂන් වාර්තා ජාතික ‍ලේඛනාගාරයේ හා ගොනු රාක්කයන්හි රැඳෙනු ඇත. ජාතික ඉඩම් කොමිසම සප්‍රාණික සංවිධානයක්ව, තාක්ෂණික පදනමක පිහිටා, ප්‍රතිපත්ති, නීති සමාලෝචනය කරමින්, උචිත පරිදි ඉඩම් කළමනාකරණය වැඩිදියුණුවට කටයුතු කරනු ඇත. මේ අනන්‍යතා ප්‍රභේදය අමතක නොකළ යුතුය. ජනාධිපති ‍ලේකම් හා අමාත්‍යවරයා මෙය මිශ්‍ර කර ගැනීම මා පුදුමයට පත්කරයි. දෙදෙනාම ප්‍රමුඛ බුද්ධිමතුන් වන හෙයිනි. ඔවුන් අප රවටන්නේද ? ජනාධිපති කොමිසම් නිර්දේශ සැමෙකක්ම සෑම විටම ක්‍රියාත්මක නොකෙරේ. මෙය පෙර ඉඩම් කොමිසම්වලට මෙන්ම අන් කොමිසම්වලටද ‍පොදුය. 1985 ඉඩම් කොමිසම යෝජනා කළ, දේශපාලනික හා පරිසරාත්මක වශයෙන් උපකාරි විය හැකි හා සංවේදී ගැටලු විසඳාගැනීමට හේතු කාරක විය හැකි නිර්දේශ වූ ජල ‍පෝෂක කළමනාකරණ අධිකාරිය හෝ මායිම් නිර්ණ කොමිසමක් පිහිටුවීම ක්‍රියාත්මක නොකිරීම උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් 1927 ඉඩම් කොමිසමේ නිර්දේශවල ප්‍රතිඵලයක් ලෙස ඉඩම් සංවර්ධන පනත සම්මතය හා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පිහිටුවීම දක්වත හැකිය.
ජාතික ඉඩම් කොමිසම පිහිටුවීම
හතරවැනි ඉඩම් කොමිසම පිහිටුවීමට අදාළ නීතිය වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් පනතය. ජාතික ඉඩම් කොමිසම් නීතියක් සෑදීමට ප්‍රයත්නයක් වුවද, තවමත් නීතියක් නොමැත. ජාතික ඉඩම් කොමිෂන් කෙටුම්පත ඉඩම් අමාත්‍යවරයා විසින් 1992.7.21 පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. 1994.6.24 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා කෙටුම්පත අවලංගු විය. වර්තමාන රජය මෙන්ම පෙර වූ රජයන් සියල්ලම ජාතික ඉඩම් කොමිසම නීතිගත කිරීමට මැලි වූහ. මින් අවංකභාවය ප්‍රශ්නාභිමුඛ නොවේද?
රජය කරවන නිලධාරී ඒ.ජී.එම්. ෆ්ලෙවර් පත් කළ 1929 ඉඩම් කොමිසමේ කොමසාරිස්වරුන්වූයේ නීතිපති, සොලිසිටර් ජනරාල්, ආදායම් පාලක, මිනුම්පති, නිරවුල් කිරීමේ නිලධාරී හා තෝරාගත් ව්‍යවස්ථාදායකයින් පිරිසක්ය. 1985 කොමිසම වෘත්තිකයින්ගෙන් සැදුණි.
1992 කෙටුම්පත අනුව කොමිසමේ සාමාජිකයින්, බලතල හා කාර්යයන්, නිලධාරීන්, තාක්ෂණික ‍ලේකම් කාර්යංශය ආදිය සඳහන් විය. කොමසාරිස්වරුන් වූයේ ඉඩම්, කෘෂිකර්ම, වතු, පරිසර අමාත්‍යංශ ‍ලේකම්වරුන්, ජනාධිපතිවරයා විසින් තීරණය කළ දැනුමැති සාමාජිකයින් හයදෙනකු, පළාත් සභා නවයෙන් සාමාජිකයින් නවදෙනකුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු හා පළාත් පාලන නියෝජිතයෝ කෙටුම්පතේ 3(2) වගන්තිය යටතේ කොමසාරිස්වරුන් වීමට නුසුදුසු වූහ. සංසක්තිය පණගැන්විණ. බලාත්මක බව සහතික විය. පරිශිෂ්ට   - 3:3 හි පරමාර්ථ පිළිගැනිණි.
ජාතික ඉඩම් කොමිසම ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ෂණික
හැකියාව තාක්ෂණික ‍ලේකම් කාර්යාංශයෙන් සපයනු ඇත. කලින් ඉඩම් කොමිසම් (උදා : 1927 ඉඩම් කොමිසම) එවකට පැවතුණු දෙපාර්තමේන්තුවලින් සහ උප-කමිටුවලින් සේවා ලබාගති. තාක්ෂණික ‍ලේකම් කාර්යංශයෙන් ජාතික ඉඩම් කොමිසමේ අචිච්ජින්නභාවය පවත්වා ගනු ඇත. ජාතික ඉඩම් ප්‍රතිපත්තියට දේශපාලනික හෝ වාර්ගික බැඳීමෙන් තොරව (පරිශිෂ්ට   - 3:3) විද්‍යාත්මක තාර්කිකත්වය දැරීමට නම් හොඳම හා නිදහස් ප්‍රවීණයන් බඳවා ගැනීම අවශ්‍ය වේ.
කෙසේවුවද, ප්‍රතිපත්ති සැකසීම පරිපාලන හා තාක්ෂණාධිපත්‍යයට
යටපත් කිරීමට සූදානම් නොවීම 1994 දී කෙටුම්පත නෂ්ටත්වයට පත්වීමට හේතු වී යැයි සිතති. ව්‍යවස්ථාමය අපේක්ෂා (පරිශිෂ්ට   - 3:3) භංගත්වයට පත් කරතත්, දේශපාලන අගතිය සහිතව සියල්ල දත් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්ති සකස් කළ යුතුය යන සිතිවිල්ල ඊට හේතු වී යයි ද සමහරු සිතති. මඳක් සිතන්න. ශ්‍රී ලංකා නීතියේ / පරිපාලනයේ ජාතික ප්‍රතිපත්ති සාධනය නීතියෙන්ම පවරා ඇති එකම ආයතනය ජාතික ඉඩම් කොමිසම බව මෙය අමතක කිරීම පැහැදිලි බව හා බලාත්මක බව අප්‍රාණික කරයි.
නිමාව ශීයව හා විදේශයන්හිදී කරන ලද උක්ත ප්‍රකාශ රජයේ ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගැන මිශ්‍ර පණිවුඩ දෙයි. කොටින් කියතොත්, මේ මිශ්‍ර පණිවුඩ “විරූපී අක්කා දීග දීමට සුරුපී නැගණිය පෙන්නුවා” සේ යයි විවේචනයට ලක්වනු නොඅනුමානය. රජයට, ව්‍යවස්ථානුගත ජාතික ඉඩම් කොමිසම විරූපී අක්කාය. ඒ වෙනුවට ඉතා සුරූපී යයි පෙන්වන්නේ වසර තිහකට වරක් පත්කරන ඉඩම් කොමිසමය. මඟුල් කපුවන් කෙසේ සිතුවද, සුරූපී හා විරූපී බව හඳුනාගැනීමට සැවොම අන්ධයයි සිතීම නොවටනේය.
උක්ත නිඝණ්ඩුමය ඇස් බැන්දුම් දකින විට රජයේ ඉඩම් පරිහරණ පාලන සංසිද්ධියේදී අවංක භාවයේ, පැහැදිලිභාවයේ, සංසක්තියේ, බලාත්මකභාවයේ හා ගැටුම් විසඳීමට ප්‍රමාණවත් සාධනීය යාන්ත්‍රණ ශක්තියේ කුමන ප්‍රතිශතයක් ඉතිරිව ඇත්දැයි ප්‍රශ්න කිරීමට ඉඩ සැලසේ.
සංහිඳියාවට සුබ පතන යමෙකු ඇතොත් මෙකී සාධක අගය කරනු ඇත. වාර්ගිකත්වය, ආගම හා දේශපාලන විචල්‍යයන් ඉවතදා, මහාචාර්ය පීරිස් දැන් පවසන දෑ  වෙනුවට වසර විස්සකට පමණ පෙර බලය බෙදීම සමග කැපවීමෙන් සිිටිමින් එතුමන් විසින් ප්‍රකාශිත උක්ත හරයන් හිස් මුදුනේ තබා ගතහොත් මැනවයි. ඔහුට අබමල් රේණුවකවත් නිගරුවකින් තොරව පතන්නේ, එවැනි ප්‍රබුද්ධයන් එසේ නොසිතුවහොත් සංහිඳියාවට විය හැකි අන්තරාය කාරිත්වය මෙනෙහි කරමිනි.
Lakbima online 18.03.2014
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger