Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Ampara District Fisheries Solidarity, Celebrated World Fisheries Day with National Fisheries Solidarity Movement


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2020 නොවැම්බර් මස 21 වන දිනට යෙදුණු 23 ජගත් ධීවර දිනය අභිමානයෙන් ස්වකීය ජනතාව හා එක්වෙමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා එක්වෙමින් අම්පාර පොතුවිල් ප්‍රදේශයේ පොදු පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙවර නීල හරිත ආර්ථික අභියෝග මධ්‍යයේ ජනතාවගේ අයිතිවාසිකම් සහතික කරමු යන තේමාව පදනම් කරගෙන මෙවර ධීවර දිනය සැමරීම සුවිශේෂත්වයකි. අම්පාර දිස්ත්‍රික් ධීවර ව්‍යාපාරයේ එච්.එම්.මුබාරක් මහතා, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.එස්.එම් වාසීන් මහතා යන අයගේ ප්‍රදානත්වයෙන් ජගත් ධීවර දින සැමරුම පැවැත්වු අතර ඒ සඳහා අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ද අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂක එම්.ඒ.සී.ඒ රියාශ් මහතා ද කේ.කන්නන් මහතා ද පොතුවිල් ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරයේ පරීක්‍ෂක එම්.ටී ජවිෂර් මහතා ද ඇතුළු ධීවර ව්‍යාපාරවල හා ධීවර සංවිධානවල නියැලෙන්නන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
පැතිර යන නව කොරෝනා වෛරසය හමුවේ දැඩි සෞඛ්‍ය නීති රීති දැඩිව පිළිපදිමින් පැවති මෙම ජගත් ධීවර දින සැමරුම හරහා ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ධීවරයින් මුහුණ දෙන ගැටලු හා ධීවර සමාජයේ අනාගත පියවර සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් වූහ. මෙම අවස්ථාව වර්ණවත් කිරීමට නැටුම් කණ්ඩායමක් සහභාගි වු අතර ටී.වී ප්‍රාදේශීය මාධ්‍යවේදී ටී.කේ රහුමතුල්ලා සහ ධීවර සංවිධානවල නියෝජිතයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. මෙම අවස්ථාවේදී 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ ළමුන් දෙදෙනාද රන්සළු පළදා ගෞරවාදරයට පාත්‍ර කරන ලදී.