Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණේ ධීවර සංවිධානයේ කාන්තාවන්ගේ ජීවන මාර්ග සදහා අත්වැලක්

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට නිබදව ඔවුන් හා අත්වැල් බැදගනිමින් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් පෙනි සිටි. තවද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔවුන් බලසතු කරන අතරම ඔවුන්ගේ ආර්ථික අංශයද බලසතු කිරීමට කටයුතු කරයි. කාන්තාව සමාජයේ හුදකලා චරිතයක් බවට පත් නොකොට ඇයට සමාජය තුළ හිමිවිය යුතු නිසි තැන ලබා දීමට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු අංශයක කටයුතු කරයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන්නේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ස්වයංපෝෂිත වුවහොත් පමණි. මේ අනුව යමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කාරතුමන්ගේ මගපෙන්වීම අනුව යමින් 2020 නොවැම්බර් මස 27 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණේ ධීවර සංවිධානයට අයත් කාන්තාවන් හට ස්වකීය දිවිය ඉදිරියට පවත්වාගැනීම සදහා අවශ්‍යය උපකරණ බෙදාදීහ එම සංවිධානයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද සාමය හා සන්හිදියාව පිළිබදව සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා ද දකුණේ ධීවර සංවිධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජීව මහතා ද චන්න ද සිල්වා මහතා ද සම්බන්ධ වූහ.




.