Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර යනු අයිතියකි ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගයක් නැත, 2021.10.12

අප කළ යුතු වන්නේ ආහාර සුරක්‍ෂිතතාවය නොව, ආහාර ස්වෛරීත්වයයි. බොහෝ විට ආහාර සුරක්‍ෂිතතාවයට සුරක්‍ෂා වී ඇතත් ආහාර ස්වෛරීත්වය ආරක්‍ෂා වී නොමැත. ආහාර කියන්නේ බඩගින්නට කියන තවත් නමක් විතරක් නෙමේ, ආහාර යනු ක්‍රියාවලියකි. ආහාර ස්වෛරීත්වය තුළ අප ඇති කළ යුතු වන්නේ ආහාර ක්‍රියාවලියක් අපිටම ආවේණික ක්‍රියාවලියක්. ආහාරයට තිබෙන නිදහස අයිතිය ආරක්‍ෂා වු තැන ආහාර ස්වෛරීත්වය ආරක්‍ෂා වේ. මේ ආකාරයෙන් ආහාර ස්වෛරීත්වය සම්බන්ධයෙන් කාලීන අංශ ගණනාවක් ආවරණය කරමින් ආහාර යනු අයිතියකි. ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගතයක් නැත යන මැයෙන් ZOOM තාක්‍ෂණය ඔස්සේ 2021 ඔක්තෝම්බර් 12 වන දින සංවාදය පැවැත්විණ. මෙම හරවත් සංවාදය අංශ කිහිපක් ඔස්සේ විහිදි ගිය අතර ධීවර විශේෂයෙන් සුළුපන්න ධීවරයා ආහාර ස්වෛරීත්වය,  උතුරේ කාන්තාව, නාගරීකරණය තුළ කාන්තාව, ඉඩම් අයිතිය හා ආහාර ස්වෛරීත්වය, වතු කරයේ ජනතාව, ආහාර ස්වෛරීත්වයට ඇති බාධා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ධීවර කේෂත්‍රය නියෝජනය කරමින් ලොයෙල් පීරිස් මහතා ද ගොවි අරගලය නියෝජනය කරමින් ජයතිස්ස මහතා ද ප්‍රියදර්ශනි මහත්මිය ද සහ තරංගනී යන මහත්ම මහත්මීන් මෙහිදි අදහස් ඉදිරිපත් කළහ.