Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ලෝක ආහාර දිනයට සමගාමීව ආහාර ස්වෛරීත්වය ආහාර අයිතිය සහ ආහාර සුරක්‍ෂිතාවය පිළිබඳව දැනුවත් කිරීම, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය, මීගමුව -2021.10.180

ආහාර ස්වෛරීත්වය, ආහාර සුරක්‍ෂිතතාවය හා ආහාර අයිතිය පිළිබඳව දැඩි කතා බහට ලක් වී ඇති මෙවන් කාලයක ආහාරවලට මිනිසාට ඇති හිමිකම පිළිබඳව හා ලෝව ඕනෑම කෙනෙකුට ආහාරවලට ප්‍රවේශ වීමේ සාධාරණ හිමිකමක් ඇත. ලොව පවතින අනෙකතුත් අයිතීන් දෙස බලන විට ආහාර අයිතිය සුවිශේෂි අයිතියකි. ආහාර අයිතිය ගත් කළ කාන්තාවට ආහාර සම්බන්ධයෙන් තිබෙන අයිතිය ඊටත් වඩා සුවිශේෂි වේ. සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන්, සුළු ගොවීන් වතු කම්කරුවන්, ධීවරයින් මේ සියල්ල ආහාර ස්වෛරීත්වයේ පුරෝගාමීන් වේ. වස විසෙන් තොර සුරක්‍ෂිත ආහාර රටාවක් උරුම කර ලන්නට සුළු ආහාර නිෂ්පාදකයින් සුවිශේෂි දායකත්වයක් සපයයයි. මේ ආකාරයෙන් ආහාර ස්වෛරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධනයේ කාන්තාවන් හා තරුණයින් දැනුවත් කිරීම 2021 ඔක්තෝම්බර් 18 වන දින එම සංවිධානයේ සිදු විය. මෙම අවස්ථාව සඳහා කාන්තාවන් මෙන් ම තරුණයින් ද සහභාගි වූහ. මෙම අවස්ථාවට එම සංවිධානයේ වින්සන් ප්‍රනාන්දු මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සම්බන්ධිකාරක නාලක රොසයිරෝ මහතා ද සම්පත්දායකත්වයෙන් සහය දැක්වූහ.