Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

"Mission Inclusion" ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා වන ගෘහමූලික කාන්තාවන්ගේ තොරතුරවල නිරවද්‍යතාවය සොයා බැලීම,පුත්තලම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය,2021.10.02

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙහෙයවනු ලබන Mission Inclusion ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේ සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයේ, ජිවනෝපාය නගා සිටුවීම සඳහා තෝරා ගත්, ඇඳුම් මසන කාන්තාවන්, ආහාර නිෂ්පාදනය කරන කාන්තාවන්, නිමි ඇඳුම් විකුණන කාන්තාවන්,සිල්ලර බඩු විකුණන කාන්තාවන්ගේ තොරතුරුවල, සත්‍ය, අසත්‍ය සහතික කර, ඔවුන් ඒ සඳහා සුදුසු ප්‍රතිලාභීන් ද යන වග සොයා බැලීම 2021 නොවැම්බර් මස 02 වන දින පුත්තලම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී සිදු විය. එම අවස්ථාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා කටයුතු සම්බන්ධිකාරිනි, ලවීනා හසන්ති මහත්මිය ද, පුත්තලම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද පද්මනාදන් මහතා ද සියාද් මහතා ද ස්වේච්ඡා සාමාජික නෆ්රා හා මුන්නාස් යන අයවරුන් මේ අව්ස්ථාව සඳහා සම්බන්ධ වූහ.