Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික්කයේ තෙන්ඩ්‍රල් කාන්තා කමිටු රැස්වීම,2022 ජනවාරි මස 24,முல்லைத்தீவு மாவட்டத்தில் தென்றல் பெண்கள் குழுக்கூட்டம் 24.01.2020

 
 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තෙන්ඩ්‍රල් කාන්තා කමිටු රැස්වීම 2022 ජනවාරි මස 24 වන සඳුදා දින මුලතිව් රතු කුරුස ශාලාවේදී පැවැත්විණ. මේ වන විට ග්‍රාමීය වශයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා වත්මන් ග්‍රාමීය සමිතිවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. මේ සඳහා කෝකිලායි, නයාරු, කුමුනමුනෛයි, කේපාපිලව්, නිම්බ්‍රෝපුරම්,මුල්ලිවයික්කාල් සහ සිලාවතුරෛයි යන ගම්මාන හතේ කාන්තාවන් 28 දෙනෙකු මේ සඳහා සහභාගි වූහ. 
 
මෙම කාන්තා කමිටුවේදී විශේෂයෙන් ධීවර ගැටලු සහ දිස්ත්‍රික් කාන්තා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා වූහ. ධීවර ගැටලුවට අදාළ තහනම් පන්න භාවිතය, ලයිලා සුරුක්කු, ලයිට් කොස් භාවිතය පිළිබඳව ද කුමනමුනෛයි කාන්තාවන් ඉස්සන් ඇල්ලීමේදී ගොවීන් ඒ ප්‍රදේශ වට කොට මායම් ඇදීම නිසා එම කාන්තාවන් අර්බුදයකට ලක් වී ඇත. ඉන්දීය ට්‍රෝලින් ගැටලුව ද විශේෂයෙන් මතු කළ කරුණක් වු අතර මත්ද්‍රව්‍යය භාවිතය තරුණයින් අතර ප්‍රචලිත වීම ද වැලි කැණීම සම්බන්ධයෙන් කුමනමුනෛයි හා සිලාවතුරෛයි ප්‍රදේශවල ඇති වී තිබෙන තත්ත්වය ද පොහොර ගැටලු ද ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුව ද සාකච්ඡා වූහ. ගෘහමූලික කාන්තාවන් වීම නිසා සමාජය ඔවුන් දෙස බලන ආකාරය නිසා අද වන විට ගෘහමූලික කාන්තාවන් විශාල අපහසුතාවකට ලක්ව ඇති බව මෙහිදි සාකච්ඡා වූහ.  මෙම ගම්මානවල ජනතාවගේ සියලු ගැටලු අන්තර්ගත කොට පොතක් සකස් කොට ඒ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට මෙහිදි තීරණය විය. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇත්තනී ජේසුදාසන් මහතා ද කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකාරක සිංහරාසා ප්‍රතාස් මහතා ද සහභාගි වූහ.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் முல்லைத்தீவு மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்pன் தென்றல் பெண்கள் கூட்டம் 24.01.2022 தனம் முல்லைத்தீவு செஞ்சிலுவை மண்டபத்தில் நடைபெற்றது. கிராம ரீதியாக பெண்கள் முகம் கொடுக்கும் பிரச்சினைகள் மற்றும்; கிராம குழுக்களில் தற்போதைய செயற்பாடுகள் தொடர்பாக உரையாடப்பட்டது. கோகிளாய், நாயாறு, குமுனுமுனை, கேப்பாபிளவு, நிம்ரோபுரம், முள்ளிவாய்க்கால், சிலாவத்துரை ஆகிய கிராமங்களிலிருந்து 28 பெண்கள் கலந்துக்கொண்டனர். இங்கு மீனவம், மற்றும் மாவட்ட பெண்கள் பிரச்சினைகள் கலந்துரையாடப்பட்டது. தடைசெய்யப்பட்ட மீனவ தொழில் உபகரண பாவனை, லைலா சுறுக்கு, லைட்கோஸ் பாவனை தொடர்பாகவும் குமுனுமுனை பெண்கள் இறால் பிடிப்பில் ஈடுபட்டிருக்கும் போது அந்த பிரதேசத்தை சுற்றி விவசாயிகள் எல்லையிட்டதால் அந்த பெண்கள் பாதிக்கப்பட்டனர். இந்திய இழுவைமடி, போதைப்பொருள் தொடர்பாக, மண் அகழ்வு தொடர்பாகவும் உரையாடப்பட்டது. உரம், நுண்கடன் பிரச்சினைகளும் குடும்பத்தலைமைத்துவ பெண்களின் பிரச்சினை தொடர்பாகவும் உரையாடப்பட்டது. இந்த பிரதேச மக்களின் பிரச்சினைகளை உள்ளடக்கி ஒரு கைநூலை தயாரித்து அது தொடர்பாக அரசாங்க அதிகாரிகளை அறிவுறுத்துவதற்கு முடிவெடுக்கப்பட்டது. இந்த சந்தர்பத்தில் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் சமாதானம் மற்றும் நிலைபேறான அபிருவித்தி தொடர்பான மக்கள் ஒன்றியத்தின் வேலைதிட்ட இணைப்பாளர் திரு. அன்டனி ஜேசுதாசன், பெண்கள் திட்ட இணைப்பாளர் திருமதி. லவினா ஹசன்தி, முல்லைத்தீவு மாவட்ட இணைப்பாளர் திரு. சிங்கராசா பிரதாஸ் ஆகியோர் கலந்துக்கொண்டனர்.