Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

இழுவைமடி இயந்திர உரிமையாளர்கள் தொடர்பாக ஆதார மருத்துவ கல்வி நிகழ்ச்சி ஒன்று பருதெல்பொல மீனவ கூட்ட மன்டபத்தில் 2022 ஆனி 03ம், ට්‍රෝලර් යාත්‍රාවල නියාමකවරුන් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් බරුදැල්පොල ධීවර සමිති ශාලාවේ දී 2022 ජුලි 03 දින

ට්‍රෝලර් යාත්‍රාවල නියාමකවරුන් සඳහා ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහනක් බරුදැල්පොල ධීවර සමිති ශාලාවේ දී 2022 ජුලි 03 දින පවත්වන ලදී .
මෙම වැඩසටහන සඳහා බහුදින යාත්‍රා නියාමකවරුන් හා ධීවර නායකයින් 18 දෙනෙකු සහභාගි වූ අතර වෛද්‍ය අසිත ප්‍රනාන්දු සහ  පී.හිමලිකා  තිසේරා සම්පත් දායකත්වය සැපයූ අතර ලොයෙල් පීරිස් මහත්මා  සහ ප්‍රියංකර  මහත්මා විසින් විසින් මෙය සංවිධානය කරන ලදී .
මුහුදේ දී ඇතිවිය හැකි මූලික සෞඛ්‍ය ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර එම ගැටළු විසඳා ගැනීමේදී ප්‍රායෝගිකව සිදු කළ හැකි කාර්යයන් හඳුන්වාදීමක් සිදුවිය .එමෙන්ම මුහුදට යෑමට පෙර අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය සකස් සකස් කරගන්නා ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී .මූලික ව ලබා දිය හැකියි ප්‍රථමාධාර  පිළිබඳවද  දැනුවත් කළ අතර පැමිණි සියලු දෙනාගේම රුධිර පීඩනය මැන බැලීමක් ද සිදු කරන ලදී .බොහෝ ධීවරයන්ගේ අදහස වූයේ මෙම වැඩසටහන ඉදිරියේදීත් ක්‍රියාත්මක කරන ලෙසයි.
இழுவைமடி இயந்திர உரிமையாளர்கள் தொடர்பாக ஆதார மருத்துவ கல்வி நிகழ்ச்சி ஒன்று பருதெல்பொல மீனவ கூட்ட மன்டபத்தில் 2022 ஆனி 03ம் திகதி இடம் பெற்றது.
இதில் பல்தின படகு உரிமையாளர் மற்றும் 18 மீனவ தலைவர்கள் கலந்துக் கொண்டதோடு வைத்தியர் அசித பிரனாந்து, பி. ஹிமாலிக்கா, திசேரா வளவாளர்களாக கடமையாற்றியதோடு திரு. லொயெல் பீரிஸ், திரு. பிரியங்கர ஆகியோர இந்நிகழ்ச்சியை ஒழுங்கு செய்தனர்.