Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත්‍රික් මාධ්‍ය සාකච්ඡාව,மன்னார் மாவட்ட ஊடக கலந்துரையாடல் (2021.04.20)


 
මන්නාරම් දිස්ත්‍රික්කයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 අප්‍රියෙල් මස 20 වන දින මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේදී පැවැත්විණි. මන්නාරම් මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත හිඟවීම හේතුවෙන් විශේෂයෙන් ඉන්දියන් දේශ සීමාවේ මත්ස්‍ය අස්වැන්න නෙලීමට ගොස් ඉන්දියන් රජයේ අත්අඩංගුවේ පසුවන ධිවරයින් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සහනයක් හෝ ප්‍රතිචාරයක් ලබා නොදී ඇත. ඉන්දියන් ට්‍රෝලර් මෙරට පැමිණ මසුන් ඇල්ලීම නිසා මෙරට මත්ස්‍ය සම්පත් විනාශ වන බවත් මාධ්‍ය හමුවේ සඳහන් කළ මේ කිසිදු ගැටලුවකට රජය තිරසර විසඳුමක් මෙතෙක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බව ඔවුහු සඳහන් කළහ. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා උතුරු පළාත් ධීවර සමූපාකාර සමිතියේ ලේකම් ආලම් මහතා ද මන්නාරමම් දිස්ත්‍රික් ධිවර සහයොගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා සම්බන්ධ වූහ.
மன்னார் மாவட்டத்தில் மீனவர்கள் முகம் கொடுக்கும் பிரச்சினைகள் தொடர்பாக ஊடக அறிவுறுத்தல் நிகழ்ச்சி ஒன்று 2021.04.20 ம் திகதி மன்னார் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் இடம் பெற்றது. மன்னார் கரையோரத்தில் மீன் வளங்கள் குறைவதால் இந்திய கடலில் மீன் அறுவடை செய்வதற்காக சென்று இந்திய அரசு மூலம் கைது செய்யப்பட்ட மீனவர்கள் தொடர்பாக அரசு ஒருவிதமான நடவடிக்கையும் எடுத்ததில்லை. இந்திய இழுவை படகுகள் எமது கடலில் மீன் பிடிப்பதால் எமது மீன் வளங்கள் அழிவதாகவும் இது தொடர்பாக அரசு நிலையான முடிவுகளை இதுவரை எடுத்ததில்லை.. இந்த ஊடக உரையாடலில் வடமாகாண மீனவ கூட்டுரவு சங்கத்தின் செயலாளர் திரு. ஆலாம் அவர்கள், மன்னார் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. பெனடிக்குரூஸ் கலந்துக் கொண்hர்.