Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය සෙල්වපුරම් කාන්තා රැස්වීම, யாழ்பாணம் செல்வபுரம் பெண்கள் கூட்டம் (2021.04.23)

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සෙල්වපුරම් කාන්තා රැස්වීම 2021 අප්‍රියෙල් මස 23 වන දින එම ගම්මානයේදී පැවැත්විණි. මෙම රැස්වීම සඳහා කාන්තාවන් 36 දෙනෙකු සහභාගි වූහ. දැනට සමාජය තුළ කථිකාවතට ලක් වී ඇති ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය යාපනය ප්‍රදේශයේද දක්නට ඇති ප්‍රබල ගැටලුවකි. මේ ගැටලුවෙන් පීඩා විදින කාන්තාවන් සම්බන්ධයෙන් මෙම කාන්තා රැස්වීමේදී සාකච්ඡාවට බදුන් විය. කාබනික බෝග සහ පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම ද මේ හරහා සිදු විය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ චිත්‍රා මෙනවිය ද සම්බන්ධ වූවා ය. 
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் யாழ் மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் செல்வபுரம் பெண்கள் கூட்டம் 2021.04.23 இடம் பெற்றது. இதில் 36 பெண்கள் கலந்தக் கொண்டனர். இங்கு நுண்கடன் தொடர்பாகவும் கலந்துரையாடப்பட்டது. இயற்கை பசளை மற்றும் சுற்றாடல் விவசாயம் தொடர்பாக பெண்கள் அறிவுறுத்தப்பட்டனர். இந்த நிகழ்ச்சியில் செல்வி சித்திரா கலந்துக்கொண்டார்.