Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරේ ධීවරයාගේ අනාගතය - 2021.10. 10

උතුරේ ධීවරයාගේ අනාගතය යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සංවිධාන ශක්තියෙන් නිර්මාණය වු කාලීන සාකච්ඡාව 2021 ඔක්තෝම්බර් මස 10 වැනි ඉරුදින සවස 5.00 සිට 7.00 දක්වා තාක්‍ෂණය ඔස්සේ පැවැත්විණ. මෙම කාලීන සාකච්ඡාව සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ ජේ්‍යාෂ්ඨ කථිකාචාර්ය අකිලන් කදිරගාමර් මහතා ද යාපනයේ ධීවර සම්මේලනයේ සභාපති අන්නලිංගම් අන්නරාසා මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද සම්පත්දායකත්වයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. මෙම වැඩසටහන මෙහෙයවීම සමාජ ක්‍රියාකාරී නජා මෙහොමඩ් මහතාගේ මූලිකත්වයෙන් සිදු විය. උතුරේ ධීවර බිම් ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය ලක් වීම නිසා ද ඉන්දීය ධීවරයින් තහනම් පන්න භාවිතා කරමින් මසුන් ඇල්ලීම නිසා මෙරට ධීවරයින් විශාල වශයෙන් අසරණ තත්ත්වයට පත් ව තිබෙන බව මෙහිදි සාකච්ඡා විය.