Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම,මඩකලපු දිස්ත්‍රික්කය - 2021.10.18

ආහාර ස්වෛරීත්වය ආහාර අයිතිය හා ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව සංවාදයට ගැනෙන මෙවන් කාලයක, ආහාර යනු අයිතියක්, ඒ වාගේම හිමිකමක්, ආහාරවලට ප්‍රවේශ වන්නට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙත ප්‍රවේශ වන්නට, ලබා ගන්නට, ලෝකයේ ඕනෑම ජිවියෙකුට අයිතියක් තියෙනවා, අන්න ඒ අයිතිය තමයි, ලෝක ආහාර දිනය කියලා අපි කියන්නේ, ආහාර හැමෝටම නෑ. ආහාර ලබා ගන්නා හැමෝටම වත්කමකුත් නෑ. අන්න ඒ, ආහාර කිසිදු භේදයකින් තොරව ගන්න පුළුවන් වුණොත්, විතරයි, ආහාර ස්වෛරීත්වය හා ආහාර අයිතිය ආරක්‍ෂා වෙන්නේ ඔක්තෝම්බර් 16 ආරම්භ වු ආහාර දිනයේදී ආහාර අයිතිය වෙනුවෙන් අපි සටන් කරමු. හඬ නගමු. කිසියම් ජන කොටසකගේ උදුරා ගත් අහිමි වු ආහාර ස්වෛරීත්වය නගාලමු. අන්න ඒ අදහසින් මඩකලපු දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් සිය ජනතාවගේ ආහාර අයිතිය හා ආහාර ස්වෛරීත්වය තහවුරු කරන්නට රාජ්‍ය යාන්ත්‍රණයට යෝජනාවලියක් ලබා දීම 2021 ඔක්තෝම්බර් මස 18 වන දින මඩකලපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු විය. ඔවුන් තම ආහාර ස්වෛරීත්වය තහවුරු කරන්නට රාජ්‍ය යාන්ත්‍රණය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. එයින් එකක් තමයි, පානීය ජල ගැටලුව විසඳන්නට නිච්චිත ක්‍රමයක් නිර්මාණය කිරීම, අලි මිනිස් ගැටලුව කඩිනමින් විසඳන්න, ධීවරයින් රජයේ සහනාධාර යටතේ ධීවර ආම්පන්න ලබා දීම, වැලි කැණිම තහනම් කිරීම, කරවල නිෂ්පාදනය සඳහා කර්මාන්තශාල ඇති කිරීම, සහ වලා ළිං සෑදීම කිතුල්, සර්වෝදය නගර්, උරුගාමම් කෝපාවේලි, වැලිකාකන්ඩි සහ පුල්ලුමලෛයි යන ප්‍රදේශවල ජනතාවගේ ආහාර සුරක්‍ෂා කිරීම සඳහා ආදී යෝජනා ඉදිරිපත් කරන ලදී