Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

නිල් ආර්ථික ප්‍රතිපත්ති සහ සම්පත් සහ ප්‍රජාවන් සඳහා වන බලපෑම පිළිබඳව විද්වතුන් සහ වෘත්තිකයන් සමඟ කලාපීය මට්ටමින් සාකච්ඡාව, යාපනය, අම්පාර දිස්ත්‍රික්කය: 2021.10.29,30

යාපනයේ පැවැති වැඩසටහන 
 
 
අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති වැඩසටහන 
 
ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් නීල ආර්ථික ප්‍රතිපත්තියේ සම්පත් සහ ප්‍රජාවන් සඳහා වන බලපෑම පිළිබඳව විද්වත් හා වෘත්තීකයින් සමඟ කළ කාලීන සාකච්ඡාව 2021 ඔක්තෝම්බර් මස 31 වන දින යාපනයේදී පැවැත්විණි මේ සඳහා යාපනය මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල විද්වතුන් වෘත්තිකයින් ධිවරයින් මෙන්ම කාන්තාවන් ද සහාභාගි වූහ නීල හරිත සංකල්පය 2012 වර්ෂයේ අබුඩාබිහි පැවති සමුළුවෙන් පසුව ශ්‍රී ලංකා රජය තම ඉදිරි දැක්ම ලෙස නීල හරිත සංකල්පය අනුගත වීමට තීරණය කළේ ය. මේ අනුව නීල හරිත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ධීවරයාට ධීවර සම්පත්වලට මහ මුහුදට වන විනාශය පිළිබඳ විද්වතුන් සහ වෘත්තිකයින් සමඟ කාලීන සාකච්ඡාවේ අරමුණක් වූයේ නීල හරිත ආර්ථික ප්‍රතිප්තිති පිළිබඳව දැනුවත් කිරීමයි මේ අනුව යමින් අම්පාර සහ යාපනය යන ස්ථානවල මේ සම්බන්ධයෙන් වැඩසටහන් දෙකක් සංවිධානය කෙරිණි.
බලපෑම සහ ප්‍රතිපත්ති අධ්‍යයනයේ සම්බන්ධිකාරක නාලක රොසයිරෝ මහතා සහ ප්‍රියංකර කොස්තා මහතා, ප්‍රැන්සිස් රාජන් යන මහත්වරුන් මේ  සඳහා සහභාගි වූහ. අම්පාර දිස්ත්‍රික්කයේ පැවැති වැඩසටහන 2021 ඔක්තෝමබර් 29 වන දින පැවැති අතර ඒ සඳහා ධීවරයින් මෙන්ම ධිවර නායකියින් ධිවර සමිතිවල නියෝජිතයින් ද පැමිණ සිටියහ. මේ වැඩසටහන් තුළින් නීල හරිත ආර්ථික සම්බන්ධයෙන් විද්වතුන්ගේ හා වෘත්තියවේදීන්ගේ අදහස මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැක්ම කුමක් ද? මෙය ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් විසින් ගන්නා පියවර මොනවාද? සහ මේ පිළිබඳව පොදු සැලැස්මක් නිර්මාණය කර ගැනීම යන කරුණ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෘත්තීයවේදීන් සහ ධිවරයින් අතර අවකාසය නිර්මාණය කරදීම මෙහිදි සිදුවිය.