Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අලි මිනිස් ගැටලුමට සූර්ය පැනලෙන් සහය, 2022 ජනවාරි 30,පානම, රාගම්වෙල ගම්මානය

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ගම්මානයේ ජනතාව බොහෝ කලක සිට වන අලි ගැටලුවෙන් පීඩා විදිති අලි මිනිස් ගැටලු මෙරට ඉපැරණි ගැටලුවලන් ප්‍රබල ගැටලුවකි. පානම ජනතාව පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ සිය දහදිය මහන්සියෙන් වගා කරන අස්වැන්න විනාශ කරන වන අලි ඇතැම් විට දේපල හා ජිවිතවලට පවා අනතුරු සිදු කරති. මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාෂ ජාලය විසින් පානම රාගම්වෙල ජනතාව මුහුණ දෙන වන අලි ගැටලුව අඛණ්ඩ විසඳුමක් ලෙස සූර්ය පැනල ලබා දීම 2022 ජනවාරි 30 වන දින එම ගම්මානයේදී සිදු විය මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා සම්බන්ධ විය.