Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ කණ්ඩායම විසින් සමාජ මාධ්‍ය භාවිතයේ යහපත හා අයහපත පිළිබඳව සංවිධානය කළ විවාදාත්මක වැඩසටහන 2022 සැප්තැම්බර් මස 18 වන ඉරුදින

මොනරාගල දිස්ත්‍රික්කයේ ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ තරුණ කණ්ඩායම විසින් සමාජ මාධ්ය භාවිතයේ යහපත හා අයහපත පිළිබඳව සංවිධානය කළ විවාදාත්මක වැඩසටහන 2022 සැප්තැම්බර් මස 18 වන ඉරුදින ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේදී පැවැත්විණ. වර්තමානයේ අතිශය ජනප්රිය සමාජ මාධ්යයේ යහපත හා අයහපත පිළිබඳව කරුණු ගොනු කරමින් මෙම සාරගර්භ විවාද මාලාව පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 12 සහභාගි වූහ. මෙම විවාද තරඟයේ සම්පත්දායකත්වය ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ සභාපති කේ.පී සෝමලතා මහත්මිය සහ Little Flower පෙර පාසලේ ප්රධාන ආචාරිනි දිලානි මංගලිකා මහත්මිය හොබවන ලදී.