Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රතිලාභි ගෘහමූලික කාන්තා ප්‍රතිලාභීන් 25 සඳහා භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දීම 2022 නොවැම්බර් මස 29 වන අඟහරුවාදා දින

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෝරා ගත් ප්‍රතිලාභි ගෘහමූලික කාන්තාවන් (ආන්තික පවුල්වල) සඳහා ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඔවුන් නියැලෙන ස්වයං රැකියා සඳහා  විශේෂයෙන් ප්‍රතිලාභීන් 25 සඳහා භාණ්ඩ, උපකරණ හා සතුන් ලබා දීම 2022 නොවැම්බර් මස 29 වන අඟහරුවාදා දින පූනගරි ධීවර කාර්යාලයේදී සිදු කරන ලදී. එහිදි සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තයේ කාන්තාවන් 10 සහ කණ්ඩායම් වශයෙන් මිරිස් කුඩු තුන පහ ඇඹරීමෙහි නියැලෙන කණ්ඩායම් 05 කට ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය, තිරසර සංවර්ධනය හා සාමය සඳහා වු ජනතා සංවාදයේ සම්බන්ධිකාරක ඇන්තනී ජේසුදාසන් මහතා උපදෙස් හා මඟපෙන්වීම් ලබා දුන් අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක සදීෂ්වරම් මහාතා ද සජීවිකා අමලජීවනී මහත්මිය ද සජීවිකා ජෙයරානි මහත්මිය ද ධීවර සමූපාකාර සමිතියේ සභාපතිවරයා හා උප සභාපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.